‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන: අධ්‍යාපනික ලිපි Best Blogger Tips
Today's date is: 2025/4/23

වීදාගම මාහිමි

      කලින් කලට පහළ වූ පඬිවරුන් විසින් සිංහල සාහිත්‍යය පෝෂණය පතා ඉටු කළ මහ මෙහෙය පිළිබඳ ව වැදගත් සටහන් අපේ සාහිත්‍ය ඉතිහාසය පුරා විහි දී ඇත. ඒ ඒ යුගවල විසූූ ගිහි පැවිදි පඬිවරු ග‍්‍රන්ථ නිර්මාණය කිරීමෙන් හා අවවාද අනුශාසනා කිරීමෙන් තත්කාලීන සමාජ සංවර්ධනය හා සමාජ පැවැත්ම උදෙසා කළ පරිත්‍යාගයන් අතුරෙන් අද ශේෂ වී ඇත්තේ දහසින් එකක් පමණ යැයි විශ්වාස කළ හැකි ය. කාලාන්තරයක් තිස්සේ පැවැත එන ග‍්‍රන්ථ මීට හොඳම සාධක වෙයි.කෝට්ටේ අවධිය සිංහල සාහිත්‍යයේ එක් ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ලෙස ඇතැමෙක් විශ්වාස කරති. මේ වකවානුුවේ දී සිංහලයේ පද්‍ය සාහිත්‍යය පෝෂණය විය. එවකට විසූ බොහෝ පඬිවරු පද්‍ය ග‍්‍රන්ථ රචනා කිරීම් නිරත වූහ. සිංහලයේ සන්දේශ සාහිත්‍ය බෙහෙවින් ම පෝෂණය වූයේ කෝට්ටේ අවධියේ බැව් කවුරුත් අවිවාදයෙන් පිළිගනිති.වීදාගම නාහිමි නමින් ප‍්‍රකට වීදාගම ශ‍්‍රී ඝනානන්ද පරිවේණාධිපති මෛතී‍්‍රය මහා ස්ථවිරපාදයෝ...

උම්මග්ග ජාතකයෙන් හෙළිවන උපහාස රසය

කුරුණෑගල යුගයේ රචිත උම්මග්ග ජාතකය බුදුන්ගේ ප්‍රඥා පාරමිතාව අරභයා රචනා වූවකි. එසේම මෙය බ්‍රාහ්මණ උපහාසය අරමුණු කොටගෙන විකාශනය වී ඇති නිසාත්, පුද්ගල චරිතයන්හි දුර්වල අවස්ථා ද අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක වී තිබීම නිසාත් මෙහි විශාල වශයෙන් උපහාස රසය ගැබ්ව පවතී. මේ අනුව උම්මග්ග ජාතකයෙන් පිළිබිඹු වන උපහාස රසය පහත සඳහන් අවස්ථා යටතේ විග්‍රහ කළ හැකිය. (1) සිරි- කාලකණ්ණි ප්‍රශ්නය උම්මග්ග ජාතකයේ උපහාස රසය පිළිබඳව විමසීමේදී වැදගත් වන කාරණයක් වන්නේ මෙම යුගය තුළ දැවැන්ත චරිත ලෙස ඉදිරිපත් වූ බ්‍රාහ්මණයන් පිළිබඳව දැක්වූ උපහාසයයි. බ්‍රාහ්මණයන් මහා ප්‍රාඥයන් ලෙස සැලකූ යුගයක සිරි කාලකණ්ණි ප්‍රශ්නය මගින් ඔවුන් පොත් ගුල්ලන් බවත් සමාජ ජීවිතයේ අවබෝධයක් නැති යථාර්ථවාදීන් නොවන බව හෙළි කරයි. මෙය බ්‍රාහ්මණ සමාජයට එල්ල කරන ගැඹුරු උපහාසයකි. දිසාපාමොක් නම් ආචාර්යවරයා පිංගුත්තර නම් ශිෂ්‍යයාට...

කෝට්ටේ යුගය

ගම්පොළ රාජධානියේ අවසාන භාගයේදී ඇතිවූ අභ්යාන්තර බල අරගල හා උතුරේ ආර්ය චක්රොවර්තීන්ගේ බල අරගල හා චීනයෙන් පැමිණි චෙන් හෝ නම් සෙන්පතියාගේ අලකේෂ්වර පැහැරගෙන යාම ආදී සිදුවීම් නිසා ගම්පොළ රාජධානිය බිඳ වැටුණි. මේ යුගයේදී ශ්රීැ ජ’පුරයෙහි විසූ සුනේත්රා  දේවි නම් රාජ වංශයට සබඳකම් දැක්වූ කාන්තාවක් ජයමහලාන නම් සෙන්පතියෙකුගෙන් තමනට ලද පුතු සමග ආරක්වෂාව පතා මහා වීදාගම මාහිමියන් හමුවට ගියාය.  ඒ හිමි සුනේත්රාහ දේවි පුත් කුමරු භික්තෂුන් අතර තබා රක්පෂා කොට සිප්සතර දෙවා අනතුරුව වැසියන්ගේ හා භික්ිෂුන්ගේ අනුමැතියෙන් වි වන පරාක්රතමබාහු නමින් ඔටුනු පළඳවන ලදී. මේ වි වන පරාක්රුමබාහුගෙන් ඇරඹෙන, දොන් ජුවන් ධර්මපාල රජුගෙන් අවසන් වන රාජ්යහ කාලය කෝට්ටේ යුගය වශයෙන් ඉතිහාසයේ සඳහන් වේ.  මෙය ක්රිව.ව. 1412 සිට 1580 දක්වා කාලයයි. කෝට්ටේ යුගය සිංහල සාහිත්ය් ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් විරුදාවලි ලද්දේ මේ යුගයේ...

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan