‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ විදුකරලකර ඉතිහාසය ~ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන Best Blogger Tips

විදුකරලකර ඉතිහාසය

දළදා සමිදුන්ට දන් පිළිගැන්වු ස්ථානය යන අර්ථයෙන් දමිපැලැස්ස නමි වු රමණීය භූමි භාගයක පිහිටි අප පිරිවෙන් විහාරස්ථානය වයඔ පළාතට පමණක් සීමා වු ආයතනයක් නොවේ. මුලු මහත් ලක්දිව මෙන්ම දෙස් විදෙස් වල ව්‍යාප්තව සිටින ගිහි පැවදි පඩිවරු නිසා පිරිවෙන් සේවාව කෙබදුද යන වග මැනවින් විද්‍යාමාන වෙයි. ලක්දිව නගරාශ්‍රිතව පමණක් නොව නැගෙනහිර පානම් පත්තුව දක්වාම පිරිවෙන් සේවාවේ ප්‍රතිඵල ව්‍යාප්තව තිබෙන බව කිව යුතුය.

ඉතිහාසයේ පටන් බෞද්ධ භික්ෂුව ක්‍රියා කළේ පරාර්ථ චර්යාව පදනමි කරගෙනය. බෞද්ධ භික්ෂුවගේ අප්‍රතිහත ධෛර්ය කැප කිරීම මත වර්ථමානයේද අපට දෙසක් බසක් ඉතිරිවී ඇත. ලක්දිව ඒ ඒ ප්‍රදෙස්වල භික්ෂුන් වහන්සේලා තම උදාර වගකීම යුග කාර්යභාරයක් ලෙස  තේරුමිගෙන ඉටුකළ බව උන් වහන්සේලා ජීවිත පරදුවට තබා සිදු කළ සේවාවෙන් මනාව පැහැදිලි වෙයි. බෞද්ධ භික්ෂුවගේ යුග කාර්ය භාරය ඉටු කළ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ තෙරනමක් ලෙස 19වන සියවසේ අවසාන භාගයේ දමිපැලැස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ආධිපත්‍ය ඉසුලු ගෞරවාර්හ මාවත්තේ ශ්‍රී පියදස්ස්‍යාභිධාන මහ තෙරුන් වහන්සේ හැදින්විය හැක.

දමිපැලැස්ස ග්‍රාමවරයෙහි පිරිවෙන ආරමිභ වුයේ මෑත යුගයේ වුවද විහාරස්ථානයක් ලෙස මෙය ඈත අතීතයේ සිටම පවත්වාගෙන එන ලදි. පසු කාලීනව ශ්‍රී සුමනාරාමය ලෙස විහාරස්ථානය නමි කළත් ඊට පෙර සිටම මෙය විහාරස්ථානයක් ලෙස පැවතී ඇත. බෙලිගල සිට දන්තධාතූන් වහන්සේ දඹදෙණියට වැඩමවන විට මෙම ස්ථානයේ දන් පිළිගන්වා රාත්‍රියද ගතකර ඇත. එමෙන්ම මලියදේව මහරහතන් වහන්සේ නාරමිමල රජමහ විහාරයට වඩිනවිට මෙම භූමියේ වැඩහිද දහවල් දන් වැළදු බව සදහන් වේ. මෙබදු සුවිශේෂ පුණ්‍ය භූමියක පිහිටි අප පිරිවෙන් විහාරස්ථානය ඓතිහාසික පිං බිමක් ලෙස හැදින්විය හැක.

රත්මලානේ ශ්‍රී ධමිමාලෝක මහ නාහිමි රත්මලානේ ධමිමාරාම හිමියන් ඇති කළාක් මෙන් අපේ මාවත්තේ ලොකු හාමුදුරැවෝ සත් කෝරළයට මහත් ආලෝකයක් වු විවිධ භාෂා ශාස්ත්‍ර පිළිබද කුෂාග්‍ර පඩිවරයෙක් වු රාජකීය පණ්ඩිත අහුගොඩ ශ්‍රී සීලානන්දාභිධාන පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්ත නාහිමිපාණන් වහන්සේ තම ශිෂ්‍යවරයෙක් ලෙස ජාතියට දායාද කළහ. බහුශ්‍රැත තෙරනමක් වු සීලානන්ද නාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාපන සේවාව ජාතියට දායාද කිරීමේ අරමුණින් ස්වෝත්සාහයෙන්ම පොතුහැර චන්දසේල මහ පිරිවෙන අරබා තම ජාතික ආගමික හා අධ්‍යාපනික සේවාව ආරමිභ කළහ.

මෙම කාල වකවානුව තුල ප්‍රදේශයේ ගිහිපැවදි දෙපිරිසට මහගු සේවාවක් කිරීමට අදහස් කළ දමිපැලැස්සේ ශ්‍රී සුමනාරාමාධිපතිව වැඩවිසු මාවත්තේ ශ්‍රී පියදස්සී ලොකු හාමුදුරැවෝ තම ශිෂ්‍ය එවකට පොතුහැර චන්දසේල පිරිවෙනෙහි පරිවේණාධිපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත අහුගොඩ ශ්‍රී සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ පිරෝගාමිත්වයෙන් පළාත් වාසී ධර්ම ශාස්ත්‍රෝත්කාමි මහා සංඝරත්නයේ හා සතර පේරුවේ දායක දායිකා පිංවතුන්ගේ සහය ඇතිව 1933 මැයි මස 29 වන දින එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩවිසු පණ්ඩිතාචාර්ය ලුණුපොකුණේ ධර්ම කීර්ති ශ්‍රී දමිමානන්දාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවදි ශිෂ්‍යයන් කීප දෙනෙකුට අත්පොත් තබා දමිපෑලැස්ස විද්‍යාර්ථාලංකාර පිරිවෙන ආරම්භ කරන ලදි.

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan