‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන: අධ්‍යාපනික ලිපි Best Blogger Tips

වීදාගම මාහිමි


      කලින් කලට පහළ වූ පඬිවරුන් විසින් සිංහල සාහිත්‍යය පෝෂණය පතා ඉටු කළ මහ මෙහෙය පිළිබඳ ව වැදගත් සටහන් අපේ සාහිත්‍ය ඉතිහාසය පුරා විහි දී ඇත. ඒ ඒ යුගවල විසූූ ගිහි පැවිදි පඬිවරු ග‍්‍රන්ථ නිර්මාණය කිරීමෙන් හා අවවාද අනුශාසනා කිරීමෙන් තත්කාලීන සමාජ සංවර්ධනය හා සමාජ පැවැත්ම උදෙසා කළ පරිත්‍යාගයන් අතුරෙන් අද ශේෂ වී ඇත්තේ දහසින් එකක් පමණ යැයි විශ්වාස කළ හැකි ය. කාලාන්තරයක් තිස්සේ පැවැත එන ග‍්‍රන්ථ මීට හොඳම සාධක වෙයි.කෝට්ටේ අවධිය සිංහල සාහිත්‍යයේ එක් ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ලෙස ඇතැමෙක් විශ්වාස කරති. මේ වකවානුුවේ දී සිංහලයේ පද්‍ය සාහිත්‍යය පෝෂණය විය. එවකට විසූ බොහෝ පඬිවරු පද්‍ය ග‍්‍රන්ථ රචනා කිරීම් නිරත වූහ. සිංහලයේ සන්දේශ සාහිත්‍ය බෙහෙවින් ම පෝෂණය වූයේ කෝට්ටේ අවධියේ බැව් කවුරුත් අවිවාදයෙන් පිළිගනිති.වීදාගම නාහිමි නමින් ප‍්‍රකට වීදාගම ශ‍්‍රී ඝනානන්ද පරිවේණාධිපති මෛතී‍්‍රය මහා ස්ථවිරපාදයෝ මේ අවධියේ දී සාහිත්‍ය පෝෂණයෙහි නියැළුණු පැවිදි උතුමන් අතර දීප්තිමත් පඬිරුවනක් වූහ. වීදාගම පිහිටියේ රයිගම ආසන්නයේය. කුරුණෑගල රාජධානිය කොටගත් 4 වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු (කි‍්‍ර. ව. 1302 - 1326) විසින් වීදාගම ශ‍්‍රී ඝනානන්ද පිරුවන පිහිට වූ බැව් ප‍්‍රකටය.මෙම විද්‍යස්ථානය වනවාසී භික්ෂූ පරපුර සතුව පැවැති විහාරයකි. මුලායතන වශයෙන් සැලකෙන කල්හි මහා නේත‍්‍ර ප‍්‍රසාද මූල ආයතනයට අයත් විය. මහානේත‍්‍ර ප‍්‍රසාද මූලායතනය බෙහෙවින් පැරණි එකක් බැව් ඓතිහාසික ප‍්‍රවෘත්තීන්ගෙන් හෙළි වෙයි. කි‍්‍ර. ව. 831 - 851 දක්වා විසිවසක් අනුරාධපුරයේ රජ කළ සියබස්ලකර ලියූූ පළමු වැනි සේන රජු විසින් මහානේත‍්‍ර පර්වතයෙහි සියලුම භික්ෂූන් සඳහා මහාපාලී නම් දානශාලාවක් කරවූ බැව් සඳහන් වෙයි.දඹදෙණිය අවධියේ දී මහනෙත්පාමුල හිමියන්ට බෝසත් විජයබාහු යුව රජු විසින් වාකිරිගල සංඝාරාමයක් ඉදිකළ බැව් වෙනත් ඓතිහාසික ප‍්‍රවෘත්තියක සඳහන් වෙයි. මේ අනුව සලකන කල්හි මහනෙත්වාමුල ආයතනය ඉතා පැරණි වූවක් බැව් ඔප්පු වේ. මෙම ඝනානන්ද පිරුවනෙහි වීදාගම හිමිවරුන් දෙදෙනෙකු වැඩ වාසය කළහයි කියති.එයින් පළමුවැනි වීදාගම හිමියන් තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ගුරු හිමියන් ලෙසින් සැලකෙන උතුමන් ය. රාහුල හිමියන් වැඩ විසූූ තොටගමුවේ විජයබා පිරුවන උත්තර මූලායතනයට අයත් වූවක් ලෙස සැලකෙයි. තමා පිළිබඳව වර්ණනාවක යෙදෙන රාහුල මාහිමියන් ’උතුරු මුල මහ තෙරිඳු මුනුබුරු’ යයි පවසා ඇති හෙයින් තොටගමුවේ විජයබා පිරුවන උත්තර මූූලායතනයට අයත් යැයි කියැවෙන මතයට එය ද එක්තරා රුකුලක් වෙයි. කවර කවර නම් ආයතනයන්ට අයත් ව තිබුන ද මෙම විද්‍යස්ථාන දෙකින් එවක සිදු වී ඇති ශාස්තී‍්‍රය සේවාව සුළුපටු වූවක් නොවන බව සක් සුදක් සේ පැහැදිලියි.ජයවර්ධනපුරය රාජධානිය බවට පත් මෙකල්හි රාජ්‍ය පද ප‍්‍රාප්ත වූ සවන පැරකුම් රජු ද සාහිත්‍ය ලෝලියෙක් වීම විශේෂ සිද්ධියකි. පෙරකී පඬිවරුන් දෙදෙනා හැරෙන්නට මේ අවධියේ දී කෑරගල පද්මාවතී පරිවේණාධිපති ශ‍්‍රී රාජගුරු වනරතන සංඝරාජ හිමි පැපිලියානේ සුනේත‍්‍රා මහා දේවී පරිවේණාධිපති මංගල සංඝරාජ මාහිමි ඉරුගල්කුලතිලක පරිවේණාධිපති ෂඩ්භාෂා පරමේශ්වර මහ ස්ථවිර පාදයාණෝ වහන්සේ, ධම්මදින්නාචාර්ය සිද්ධාර්ථ විමලකීර්ති මාහිමි වෑත්තෑවේ හිමි, නන්නූරුතුනය හා ශ‍්‍රී රාමචන්ද්‍ර භාරතී යන ගිහිපැවිදි පඬිවරු ද සාහිත්‍ය කරණයෙහි නියැළුන බව ප‍්‍රකටය.සිංහල සාහිත්‍යයට මාහැඟි ග‍්‍රන්ථ සමුදායක් බිහිකළ වීදාගම හිමියන් නම් ඝනානන්ද පිරිවෙනේ දෙවැනිවරට වැඩවාසය කළ වීදාගම හිමියන් වහන්සේමය. කුරුණෑගල අවධියෙන් පසු පරිහානි මුඛයට පත් ඝනානන්ද පිරුවන යළි හිස එසවූයේ ජයවර්ධනපුර කාලයේදී ය. ගම්පළ යුගයේ පස්වැනි බුවනෙකබාහු රජු කල රචිත මයුර අස්නෙහිද වීදාගම ගැන මෙසේ සඳහන් වෙයි.’වඳු වීදාගම මුනිදා උදෑසන’ මයුර සන්දේශකරුවා සිය කෘතියෙහිලා සඳහන් කිරීමට තරම් මෙම විද්‍යස්ථානය ප‍්‍රකට ව පැවැති බවට එය එක්තරා සාධකයක් වෙයි. මෙම වීදාගමහිමියන් එවකට රාජ සම්මාන ලබමින් වැඩසිටි බවට අරමිකැලේ සෙල් ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. ස්වස්ති ශ‍්‍රී මන්ධාතුභරත භගීරතාදී සූරියවංයෝද්භූති සුමිත‍්‍ර රාජ පවිත‍්‍රාභිජාත නවරත්නාධිපති ත‍්‍රීසිංහලාධිපති ශ‍්‍රීමත් සිරිසඟබෝ ශ‍්‍රී බුවනෙකබාහු චක‍්‍රවර්තිස්වාමී යාපා පටුනේ වැඩ එහි දී මැදින් දින පුරපසළොස්වක් දවස් හි වීදාගම ශ‍්‍රී මෛත‍්‍රී මහනෙත්පාමුල මහතෙර සාමීන්ගෙන් බණ අසා, මෙකියන සාමීන්ට සන්තෝෂව මනාපය කොට දන්දුන් දඹදෙණි කෝරළය බද මැදගොඩ යයි යන ගම මුල්බිජු දොළසාමුනේ වපසරිය මෙකී සාමීන්ගේ ශාසන බන්ධු පරම්පරාවට ද හිමිවන සේ දන්පත ලියවාදී.........’වීදාගම හිමියන් බුදුගුණලංකාර කාව්‍යය රචනා කරන ලද්දේ සවන බුවනෙකබාහු රජුගේ රාජ්‍යෝදයෙන් (කි‍්‍ර. ව. 1472) තුන් වැනි විදියේ දී ය.
සමතුන් මුනිඳු පිරිනිවි වස පටන්          ලදදෙදහස් පසළොසක් අවුරුදු පිරුණු      සඳ දියගොස් පැතිර බුවනෙක බුජ නිරිඳු    සඳපිරිවස් තුනෙහි සිරිලක රජබිසෙව්        ලද
කිත් යස කොත් දිය දික් දිගු යටග               බැඳමෙත් මහනෙත් පාමුල මහ සිනිඳු                 සඳසෙත් කළ මුනිඳු සඳු ගුණකව් පෙදෙන්          බැඳසත් වැඩ පිණිස මෙද කළෙ මෙත්සිතින්       නද
(බු. අ. 609 - 611)
මෙතුමන් බුදුගුණලංකාරය රචනා කරන අවධියේ දී සංඝරාජ පදවිය දැරූ බවක් නොපෙනේ. එවකට සංඝරාජ පදවිය දැරූයේ තොටගමුවේ වියජබාහු පරිවේණාධිපති ති‍්‍රපිටක වාගීස්වරාචාර්යය ෂඩ්භාෂා පරමේශ්වර ශ‍්‍රී රාහුල ස්වාමින්ද්‍රයාණන් වහන්සේය. උන් වහන්සේ ගේ අභාවයෙන් (රහල් හිමි බුරුම රට අරිමද්දන නුවරදී සිව්රු හැරි බවක් අරිමද්දන නුවර ධම්මෙච්තිය රජතුමා විසින් පිහිට වූ කල්‍යණී ශිලා ලිපියේ සඳහන් වන බවක් ද පළවේ.) හිස් වූ සංඝරාජ පදවියට මෙම වීදාගම හිමියෝ පත්වූහ.මාහිමි පදවියට පත්වීමෙන් ඉක්බිති මහලු ජීවිතයේ දී හත්ථවනග්ගල්ල විහාර වංශය සිංහලයට පෙරළුෑයේ යයි සිතිය හැකිය. එතුමන්ගේ අවසාන සාහිත්‍ය කෘතිය ද මෙය විය හැකි ය.වීදාගම මෛතී‍්‍රය ස්වාමිපාදයාණන් විසින් එළු අත්තනගලු වංශය පරාක‍්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන් කරන ලද බව එහි මෙසේ සඳහන් වෙයි.’සකල රිපු රාජ චක‍්‍ර වික‍්‍රම ඇති ශ‍්‍රීමත් පරාක‍්‍රමබාහු රාජෝත්තමයාණන් විසින් සමාරාධිගත වූ .......... වීදාගම ග‍්‍රාමාභිධාන මහා විහාරාධිපති .......... ශ‍්‍රී මෛතී‍්‍රය මහා ස්වාමිපාදයාණන් වහන්සේ විසින් රචිත ධර්ම කතා ප‍්‍රබන්ධය.......’මේ පරාක‍්‍රමබාහු රජතුමා නම් බු. ව. 2014 දී පමණ ජයවර්ධනපුර රාජධානි කොට රාජ්‍යපදප‍්‍රාප්ත පණ්ඩිත පරාක‍්‍රමබාහු රජුය. බුදුගුණලංකාරය කාව්‍යය රචනා කිරීමෙන් වීදාගම හිමියෝ සමකාලීන කවීන් අභිබවා වෙනත් මගකට පිළිපන්හ. එවකට ග‍්‍රන්ථ කරණයෙහි නියැළුන බොහෝ පඬිවරු බෝසත් සිරිත් වර්ණනාම අභිරුචියන් කර ඇති බැව් පෙනේ. සමකාලීන ග‍්‍රන්ථ රැසකම මෙම ලක්ෂණය දැක ගත හැකි ය.බෝධිසත්ව චරිත වර්ණනාව කාව්‍ය නැමැති වෘක්ෂයේ මල් ලෙස සැලකූ මතය මුදුනෙන් ගත් මේ අවධියේ දී වීදාගම මාහිමියෝ විශාල නුවර සිදු වූ විනාශය කාව්‍යයට නැගීමෙන් ඒ මගින් බැහැර වූහ. එපමණක් නොව බුදුගුණලංකාරය රචනා කිරීමෙන් ඒ හිමියෝ එවකට සමාජයේ පැවැති සමාජ ධර්මතා ද දැඩිසේ විවේචනය කළහ. දෙවි දේවතාවුන්ට පුද පූජා කළ හින්දු සමාජය එකල බලවත් ව නැගී සිටියේය. එතෙකුදු වුවත් වීදාගම හිමියන් සිය බුදුගුණලංකාර කාව්‍යයෙහි ලා දෙවියන් අවඥාවට ලක් කර ඇති ආකාරය කෙබඳු ද යනු මනා ව පැහැදිලි වෙයි.
අප රක්නා                                   තබාතොපසතු ගොනා                        නොතබාකන තෙක් වෙත                         තබාබලා උන් කෙනෙකි තෙපි            අසුබා
දළ අඩ සඳ                      බඳිනගොර ර සර හරක්           පළඳිනරඟ කරන දින                  දිනමහලු ගොන් වාහනෙන්   ඇවිදින
සිත දුසිරී                    කිළුටපින්කෙත් නොවන     මෙලොවෙටකරන පදු                   ඉසුරුටගලක වපුරන වැන්න  බිජුවට
මෙවැනි අසත්‍ය අසාර දේ නොව පරම සත්‍ය වූ සංසාර බිය දක්වනු වස් තමා බුදුගුණලංකාර කාව්‍යය රචනා කරන බව ඒ හිමියෝ මෙසේ සඳහන් කළහ.
කය නම් අසා                  රයබව නම් බයන්කා            රයකිය නුව දිවා                  රැයකියම් බුදුගුණ අලංකා      රය
වීදාගම හිමියන් රචනා කළ විශාල ම ග‍්‍රන්ථය බුදුගුණලංකාර කාව්‍යයි. ලෝවැඩ සඟරාව ද මෙතුමන්ගේ ම තවත් කෘතියකි.’වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ’ලෝ. ස. 140)
ලෝවැඩ සඟරා කාව්‍යයෙහි එසේ සඳහන් වීමෙන් එතුමා ’මහා ස්ථවිර’ තත්ත්වයට පත්ව නො සිටි බැව් පළවේ. මෙත් තෙරිඳු යයි සඳහන් වීමත් ඒ බැව් ඇඟවේ. අභයගිරි විහාරවාසී ආනන්ද නම් හිමි නමක් විසින් කළ ’සද්ධම්මෝපායන’ නම් පාලි ග‍්‍රන්ථය ඇසුරෙන් වීදාගම හිමි මෙම ග‍්‍රන්ථය රචනා කර තිබේ. ලිහිල් බසින් රචිත ග‍්‍රන්ථයක් වූ ලෝවැඩ සඟරාව සසර බිය කියනු සඳහා රචිත උපදේශ කාව්‍යයකි.වීදාගම හිමියන් ගේ අනෙක් කෘතිය වූ ’කව්මිණි මල්දම’ රචනා කර ඇත්තේ ආධුනිකයිනට කාව්‍යශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරවනු සඳහා ය. කතු හිමියන් කාව්‍යශාස්ත‍්‍රය පිළිබඳව කෙතෙක් විශාර ද බවක් ලැබ සිටිය ද යනු කවිමිණිමල්දම පරිශීලනය කිරීමෙන් වටහා ගත හැකිය. මෙම ග‍්‍රන්ථය බස විසින් එතරම් ලිහිල් නොවූව ද අවබෝධයම දුෂ්කර කෘතියක් නොවේ. එවකට කතු හිමියන් මහා ස්ථවිර බවත්, සිරිපැරකුම් නිරිඳුන්ට පනස් සිව්වසැ එය කරන ලද බවත් එහි අවසාන ගී දෙකින් මෙසේ පැවසෙයි.
නොයෙක් කවි නළු සඳවියරණ ලකර ලකරින්වියතුන් සැරූ මහ මෙත්නෙත් පාමුල මහ නිරිඳු
මෙලක එකසත් කළසිරිපැරකුම් නිරිඳු හටපනස් සිව් වස මෙකෙළෙයිකිවි ලකුණු මිණි මල් නම්(86, 87)
දහම් ගැට මාලාව ද වීදාගම හිමියන්ගේ තවත් කෘතියකි. එහි කවි 82 ක් සංගෘහිතයනොයෙක් නොයෙක් ධර්ම කොටස් එක් තැන් කොට කාව්‍යානුසාරයෙන් රචිත මෙම ග‍්‍රන්ථය පරිශීලනය කිරීමෙන් පාඨකයාට නොමඳ රසයක් අත්පත් කර ගැනීමට හැකිවෙයි. එක්තරා තේරවිලි විශේෂයක් ආකාරයෙන් හැම කවියක් ම ඉදිරිපත් කරන දහම් ගැට මාලාව ඉන් ගැඹුරු දහමක් ප‍්‍රකාශ කරන අතර වීදාගම හිමියන්ගේ පණ්ඩිත්‍යය කියාපෑමට තවත් වැදගත් සාක්ෂ්‍යයක් හෙයින් එය නැගී සිටී.කෑරගල විහාරයෙහි වැඩ විසූ ශ‍්‍රී රාජගුරු වනරතන සංඝරාජ ස්වාමිපාදයාණන් වහන්සේ වෙත ජයවර්ධනපුරයෙහි සිට යවන ලද හංස සන්දේශය කෝට්ටේ අවධියේ දී පද්‍ය සාහිත්‍යයට එක් වූ මාහැඟි ග‍්‍රන්ථයකි. මෙය කි‍්‍ර. ව. 1415 දී රජ පැමිණි ශ‍්‍රී පරාක‍්‍රමබාහු රාජ්‍ය කාලය වූ දෙපනස් අවුරුද්දේ දී මුල් කාලයේ වීදාගම හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් යයි අනුමාන කෙරේ.

උපුටා ගැනීම www.denuma.lk

උම්මග්ග ජාතකයෙන් හෙළිවන උපහාස රසය


කුරුණෑගල යුගයේ රචිත උම්මග්ග ජාතකය බුදුන්ගේ ප්‍රඥා පාරමිතාව අරභයා රචනා වූවකි. එසේම මෙය බ්‍රාහ්මණ උපහාසය අරමුණු කොටගෙන විකාශනය වී ඇති නිසාත්පුද්ගල චරිතයන්හි දුර්වල අවස්ථා ද අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක වී තිබීම නිසාත් මෙහි විශාල වශයෙන් උපහාස රසය ගැබ්ව පවතී. මේ අනුව උම්මග්ග ජාතකයෙන් පිළිබිඹු වන උපහාස රසය පහත සඳහන් අවස්ථා යටතේ විග්‍රහ කළ හැකිය.
(1) සිරි- කාලකණ්ණි ප්‍රශ්නය
උම්මග්ග ජාතකයේ උපහාස රසය පිළිබඳව විමසීමේදී වැදගත් වන කාරණයක් වන්නේ මෙම යුගය තුළ දැවැන්ත චරිත ලෙස ඉදිරිපත් වූ බ්‍රාහ්මණයන් පිළිබඳව දැක්වූ උපහාසයයි. බ්‍රාහ්මණයන් මහා ප්‍රාඥයන් ලෙස සැලකූ යුගයක සිරි කාලකණ්ණි ප්‍රශ්නය මගින් ඔවුන් පොත් ගුල්ලන් බවත් සමාජ ජීවිතයේ අවබෝධයක් නැති යථාර්ථවාදීන් නොවන බව හෙළි කරයි. මෙය බ්‍රාහ්මණ සමාජයට එල්ල කරන ගැඹුරු උපහාසයකි.
දිසාපාමොක් නම් ආචාර්යවරයා පිංගුත්තර නම් ශිෂ්‍යයාට තම දියණිය පාවා දුන් පසු ඇයත් සමග යන ඔහු රාත්‍රියෙහි ඇෙඳන් බැස යන අයුරුත්දිවුල් කඩා ඉල්ලූ විට ඇය දමා පලා යන අයුරුත් විග්‍රහ කරන්නේ පිංගුත්තරයා නපුංසකයෙකු බවට පත් කරමිනි. එසේම “පිංගුත්තර” හා “කාලකණ්ණි” යන නාමකරණයෙනුත්ගැහැණියක් හා නිදා ගැනීමටවත් ඔහුට ශක්තියක් නොමැති බව දක්වමිනුත් බ්‍රාහ්මණ සමාජයට මරු පහරක් එල්ල කරයි.
“කුමාරිය අවුත් හැඳට නැගෙන්නා හා මැතතනමින් හැඳින් බැසැ,බිම හෙවැ වැදහොත්තේයැ. ඒ කුමාරිකා ද හැඳින් බැසැ මානවකයා සමීපයට ගියේයැ.ඒ තෙමේ එතැනින් නැගී සිටැ නැවත හැඳට පැනැ නැංගේයැ. කාලකණ්ණියා නම් ශ්‍රී කාන්තාව හා සමාන අහසට පොළව සේ ළඟ නොවන්නේය. එසේ හෙයින් කුමාරිකා යහයෙහි මැ සැතපුණි යැ. ඒ කාලකණ්ණියා බිමැ වැදැ හොත්තේය”
(2) මෙණ්ඩක ප්‍රශ්නය
එළුවෙකු හා බල්ලෙකු අතර පැවති මිත්‍ර සන්ථවය පිළිබඳ කතා පුවත පාදක කොට ගනිමින් වේදේහ රජුගේ පඬිවරු ලෙසම සිටි සේනක,පුක්කුසකාවින්දදේවින්ද යන පඬිවරු සිව්දෙනාගේ දුර්වලතාව හා නොහැකියාව ප්‍රදර්ශනය කරමින් උපහාස රසය ජනිත කරවයි.
“පණ්ඩිතයෙනිමේ පැණය අප විසින් හවුරුද්දක් හිඳ හිතුවත් දක්නට නොපිළිවන. එසේ හෙයින් මහෞෂධ පණ්ඩිතයන් විසින් මේ පැණය ශතසහස්‍ර ගුණයෙන් සිතා නිමවනු ලැඛෙයි. ගර්ව වැ ඉඳ උන් සමීපයට යම්හ.”
ඔවුන්ගේ දෙබස්වලින්ම එම නොහැකියාව පෙන්වා බෝසතුන්ගේ කරුණාබර වචන වලින් එහි උපහාසය දෙගුණ තෙගුණ කරවයි.
“මේ විස කොල්ලන්ගෙන් කාරිය කිම්දැයි මුන් සතරදෙනා රටින් නෙරපන්නාහ. මෙවැණි පණ්ඩිත රුවනක් නැතැයි මට සත් රුවනින් පූජා කරන්නාහ. එසේ වන්නාට ඒ මාගේ කරුණාවට තරම් නොවෙති. මේ අඥානයෝ මා වැනි පණ්ඩිත කෙනෙකුන් ඇතිව ඉන්දැද්දී නහමක් නසත්ව”
(3) ස්ත්‍රී ප්‍රශ්නය
කළගුණ නොදත් බමුණන් සිවුදෙන බෝසතුන් හට අකටයුත්තක් කිරීමේ චේතනාවෙන් සිදුකළ සොරකම හා එයට ලද ප්‍රතිවිපාකය උම්මග්ග ජාතකයේ උපහාස රසය හෙළිකරන තවත් අවස්ථාවකි.
“මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගෙනෙමි. පුක්කුසයෙනි තෙපි රන් මාලාව ගෙනෙව. කාවින්දයෙනි තෙපි රජ්ජුරුවන්ගේ පොරෝනා පලස ගෙනෙව. කාවින්දයෙනි තෙපි රන් මිරිවැඩි සඟල ගෙනෙවයි කීහ”.
එහෙත් අමරා දේවීන්ගේ උපායෙන් ඔවුන් ගෙන්වා ලබාදුන් පාඩම එහි උපහාස රසය තවත් තීව්‍ර කරන්නකි.
“අමරා දේවී සේනකාදී සතර දෙනාම යැවූ පත් අතට ගෙන අසුවල් වෙලාවට එන්නේ යැයි කියා යවා වෙන වෙනම උන් තමන් තමනට අවදි කළ වේලාවට ආ කල්හි අල්ලාගෙන නොසැලෙන අන්දමට බන්දා ඉසකේ කප්පා පරණ නාන ගෙයක හෙළවා දුකට පමුණුවා පැදුරු මාලූවලැ හා පැස් මාලූවල හොවා වසා බන්දා රජ්ජුරුවන්ට කියා”
(4) රහස්‍ය ප්‍රශ්නය
පළමු උපක්‍රමයෙන් නොනැවතුණු බ්‍රාහ්මණයන් බෝසතුන් නැසීමට අනෙක් උපායක් යොදයි. එම මාරාන්තික උපක්‍රමයෙන් ගැලවෙන්නට මහෞෂධ පඬිවරයාට හැකිවන්නේ ඔවුන්ගේ චරිතයන්හි දක්නට ලැඛෙන සැඟවුණු රහස් හෙළිදරව් කිරීමෙනි. ස්ත්‍රී ප්‍රශ්නයේදී අමරා දේවියගෙන් බැට කෑ පඬිවරු දෙවන අවස්ථාවේදී මාළිගාව මත්තෙහි ඔරුවක් මතට වී කතා කළ රහස් කතාවලින් චරිත නිරාවරණය කරයි. සේනකයා ස්ත්‍රී දූෂකයෙකු බවත් පුක්කුස ඇඟට යක‍ෂයෙකු වැහෙන බවත්දේවින්දයා මැණික් සොරෙකු බවත්, හෙළි කිරීමෙන් පඬිවරුන්ගේ චරිත වල හිස් බව අවධාරණය කරනු ලබයි.
දෙවන වතාවටත් පඬිවරුන් සිය නූගත්කම ප්‍රදර්ශනය කරමින් දඬුවමට යටත් වෙයි.
“මොහු තුමූ මැරාජ ද්‍රෝහි වැ නිරපරාධ වූ පණ්ඩිතයෝ මට ද්‍රෝහී කරන්නාහ යි කිපී කොලමේ කොල්ලන් මර මරා නුවරින් පිටත් කොට වාසල් දොර සමීපයෙහි අගල ඔස්සේ ගෙන ගොස් හුල හෝ හිඳුවව.”
එහෙත් බෝසතුන්ගේ කරුණාවෙන් දෙවන වතාවටත් දිවි ගලවා ගනිති.
(5) සතර කන් මන්ත්‍රණය
ඉන් අනතුරුව බෝසතුන් රාජ්‍ය අනුශාසනා කරන සමයෙහි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ කේවට්ට නම් බමුණා බ්‍රහ්මදත්ත රජු අගරජු කරවීම සඳහා සතරකන් මන්ත්‍රණයක් සිදු කරනු ලබයි. එහි අරමුණු වනුයේ එකසිය එක් රජවරු නුවරට කැඳවා වස පොවා ඝාතනය කරවීමට සිදුකරන මන්ත්‍රණයකි. එහෙත් එය බෝසතුන්ගේ ගිරවා විසින් අසා සිට කටට වර්චස් පිඬක් හෙළා යන අවස්ථාව සෝපාහාසය දනවන තවත් එක් අවස්ථාවකි.
“ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොාට අන්තයෙහි සාල්ලෙක ලා ලා හතට බැන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිඬක් හෙළා කිමෙක්දැයි කට දල්වාගෙන උඩ බැලු තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඬක් හෙළා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොළත්තෙන් උඩ නැඟීකේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය යයි සිතයි ද? දැන් මැ සකන් වැ ගියේය.
(6) ධර්ම යුද්ධය
රජවරුන් මරා ජය ගන්නට බැරිවූ පලිය ගන්නට වේදේහ රජුගේ රාජ්‍යයට පහර දීමට පැමිණි චූලනී රජු ඇතුළු සේනාව යළිත් පරාද වූ පසු කේවට්ට බමුණා පරාජයට පත්වන උම්මග්ග ජාතකයේ උපහාසය දනවන අවස්ථාව ධර්ම යුද්ධයයි. එනම් පඬිවරු දෙදෙනාගෙන් පළමුව වැඳුම් ලබන කෙනා ජය ගන්නා බව දක්වා ඇගේ ධර්ම යුද්ධයෙන් කේවට්ට බමුණාට සිදුවන අකරතැබ්බය මෙහිලා උපහාසය දනවයි.
“බමුණාණෝත් ලෝභයෙන් මැණික ගනිමි යි බෝධිසත්වයන් වහන්සේ ශ්‍රීපාද මූලයට නැඹුරු වූහ. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු වූ තැනැත්තා වූ කර ඔසවාගත නොදී මැ එක් අතකින් පිටි කර හා එක් අතකින් පිටි මුල හා තරයේ අල්ලාගෙන නැගී සිටුව ආචාරිනී නැගී සිටුව ආචාරිනී මම බාලයෙමි. තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි...”
(7) විවාහ යෝජනාව
ඉහත පරාජයෙන් ටික කලකට පසු කේවට්ටයා අලූත්ම උපායයක් යොදන අතර එහිදී වේදේහ රජතුමා හට චූලනී බ්‍රහ්මදත්ත රජු පාවාදීමේ යෝජනාවක් ගෙනැවිත් අන් සියල්ලන්ම එයට හසුකොටගෙන රවටා සිටි අවස්ථාවේ විවාහ යෝජනාව රැගෙන වේදේහ රජු වෙතට පැමිණි විට වේදේහ රජු බෝසතුන් හමුවට යැවූ අවස්ථාවේ සිදුවූ සිදුවීම උම්මග්ග කතුවරයා උපහාසාත්මකව ඉදිරිපත් කරනු ලබයි. දෙදෙනා අතර වාදයක් සිදුවූ බව දැනගත් වේදේහ රජු සමගිවීමට යැවුවද කේවට්ටයාට දෙනිකඩ රැකවලට සිටින රැකවලූන්ගෙන් අතවර විඳීමටද සිදුවෙයි.
“බමුණා මහත් කොට නොදොඩා අරගල නොකොට බැණැ නො නැගී ගොළුවෙකු සේ කරබාගෙන නැගී වරඅද අපගේ ස්වාමීහු බෙහෙත් තෙලක් වැළඳු සේක. එබැවින් මහත් කොට දෙඩීම හා අරගල කිරීම් නොකැමැත්තේය.”
යනුවෙන් පවසන අතර කේවට්ටයා බෝසතුන් සමීපයට ගොස් හැසිරුණ ආකාරය තියුණු ලෙස උපහාසය ජනිත වන අයුරින් ඉදිරිපත් කරයි.
“කේවට්ටයා බෝධිසත්වයන් වහන්සේ සමීපයෙහි හිඳිනා ආසනයක්වත් වැතිරගෙන සිටිනා ආධාරයක්වත් බෝධිසත්වයන් වහන්සේ ගෙන මිහිරි කථා මාත්‍රයක්වත් නොලදින් වැසි සමයෙහි ගවර පිරි ගොවුදකට වන් ගොන් මාල්ලකු සේගොම ඇඟිලි අසු වලින් පලව පලවා චිරි චිරියේ ඒ පයින් ඒ පය ලලා මිරිකමින් සිටියේය. ඒ සිටියාවූ බමුණා මූණ බලා එකෙක් තමාගේ නුවණ කසාලීයැඑකෙක් තමාගේ බැම නඟාලීය. එකෙක් තමාගේ වැලමිට කසාලීයැ. බමුණු ඔවුන්ගේ මේ ක්‍රියාව දැක ඉඟිකරු වැ ඈත් මෑත් බලන්නේ පණ්ඩිතයෙනි අපි යම්හ’යි කියා එකෙක් දිවමින් ගොස් පිටි දෙමැද අතුල් පහරක් ගැසීය.”
(7) උගුලට හසුවූ වේදේහ රජු ඇතුළු සේනකාදීන්ට කළ උපහාසය
සියලූ දේ විඳ දරා සිට එක් අවස්ථාවකදී බෝසතුන් සිය දරුණු උපහාසය රජු ඇතුළු මුග්ධ පණ්ඩිතයන් වෙතට එල්ල කරයි. එනම් පඤ්චාලචණ්ඩි කුමාරිකාව රැගෙන ඒමට ගොස් මරණ භයින් තැතිගෙන සිටි අවස්ථාවේදීය.
“මහරජ නුඹ වහන්සේ කාමයෙන් අන්ධ වූ සේක් මෝහයෙන් මුළා වූ සේක් ගමන් විචාළ තෙනැ මාගේ ප්‍රඥාවෙන් මතු මේ නිසා මුළා වූ සේක් මාගේ ප්‍රඥාවෙන් මතු මේ නිසා බයෙක් වෙයි කියව කියවා...”
“ඒ මහා මන්ත්‍රී වූ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාගේ මසින් සරණ හිඳුවා රජ්ජුරුවන් හා නෑ සම්බන්ධය කළා ඉතා යහපත. නුඹ වහන්සේගේ සිත භින්නකොට තුමු ඇමත්ඉණ කඩත් පිඬක් ලැබැ ගනුම්හ යි ලෝභ චේතනාවෙන් කයිවාරු කොට ගෙනාවෝමේ දුකින් කුමකට ගලවා නොගනිද්දවන්නාවඋන් ගලවා ගන්නාත් දකිමි. උන්ගේ බලත් දක්නෙම් වේද?
උපුටාගන්නා ලද්දේ ඉදුනිල් සින්දු.com

කෝට්ටේ යුගය


ගම්පොළ රාජධානියේ අවසාන භාගයේදී ඇතිවූ අභ්යාන්තර බල අරගල හා උතුරේ ආර්ය චක්රොවර්තීන්ගේ බල අරගල හා චීනයෙන් පැමිණි චෙන් හෝ නම් සෙන්පතියාගේ අලකේෂ්වර පැහැරගෙන යාම ආදී සිදුවීම් නිසා ගම්පොළ රාජධානිය බිඳ වැටුණි. මේ යුගයේදී ශ්රීැ ජ’පුරයෙහි විසූ සුනේත්රා  දේවි නම් රාජ වංශයට සබඳකම් දැක්වූ කාන්තාවක් ජයමහලාන නම් සෙන්පතියෙකුගෙන් තමනට ලද පුතු සමග ආරක්වෂාව පතා මහා වීදාගම මාහිමියන් හමුවට ගියාය.  ඒ හිමි සුනේත්රාහ දේවි පුත් කුමරු භික්තෂුන් අතර තබා රක්පෂා කොට සිප්සතර දෙවා අනතුරුව වැසියන්ගේ හා භික්ිෂුන්ගේ අනුමැතියෙන් වි වන පරාක්රතමබාහු නමින් ඔටුනු පළඳවන ලදී. මේ වි වන පරාක්රුමබාහුගෙන් ඇරඹෙන, දොන් ජුවන් ධර්මපාල රජුගෙන් අවසන් වන රාජ්යහ කාලය කෝට්ටේ යුගය වශයෙන් ඉතිහාසයේ සඳහන් වේ.  මෙය ක්රිව.ව. 1412 සිට 1580 දක්වා කාලයයි.

කෝට්ටේ යුගය සිංහල සාහිත්ය් ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් විරුදාවලි ලද්දේ මේ යුගයේ බිහිවූ සිංහලයේ අග්ර්ගණ්යහ සාහිත්යු කෘතීන් නිසාය. මෙවැනි සම්භාව්යප සාහිත්යුයක් බිහිවීමට ප්රයධාන වශයෙන්ම හේතුවූයේ ඩස වන පැරකුම් රාජ්යු පාලනයෙහි දැක්වූ විශිෂ්ටත්වයයි. පොළොන්නරු යුගයෙන් පසු රට එක් සේසත් වූයේ මේ යුගයේය. තැන තැන විසූ ප්රහදේශාධිපතිවරුන් තමනට නතු කරගත් පරාක්රරමබාහු සපුමල් කුමරු උතුරට යවා උතුරු රාජ්ය් පාලකයාව සිටි ආර්ය චක්ර වර්තී පලවා හැර එහි යුවරජ තනතුරෙහි පිහිටුවිය.

සම්භාව්යජ සාහිත්යවයක් බිහිවීමේලා තවත් ප්රතධාන කරුණක් වන්නේ  මේ යුගයේ තිබූ ශාසනික ප්රභබෝධයයි. අනුරපුර යුගයේ පටන් පැවති අෂ්ඨායතන යනුවෙන් මේ යුගයේ පැවතියේ ප්රබධාන මූලායතන 2 කි.  ඒවා නම්
  1. උතුර මූල මූලායතනය  (ග්රාඒමවාසී නිකාය) රාහුල හිමි
  2. මහනෙත් පාමුල මූලායතනය (වීදාගම) මහා මෛත්රිෙය හිමි
මේ යුගයේ වර්තමාන විශ්ව විද්යා ලයීය මට්ටමේ උසස් අධ්යාමපන ආයතන කීපයක්ම ක්රි යාත්මක විය.
  1. පැපිලියාන සුනේත්රා්දේවි පිරිවෙන
  2. වීදාගම ඝනානන්ද පිරිවෙන
  3. කෑරගල පද්මාවතී පිරිවෙන
  4. තොටගමුවේ විජයබා පිරිවෙන
  5. දෙවිනුවර තිලක පිරිවෙන

හින්දු බලපෑම දැඩි ලෙස මේ යුගයේ බල පැවැත්වීය. මෙරට ශාසනික ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් භික් ෂුන් වහන්සේ ලෞකික තේමා මුල්කොටගෙන දෙවියන් යදින්නට උත්සාහ ගත් අවස්ථාවක් ලෙස කෝට්ටේ යුගය රාජ කාන්තාවකට දරුවකු, සැමියකු ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ආයාචනා කරමින්  පරවිය හා සැළලිහිණිය රචනා කිරීම දැකගත හැකිය.

ගද්යන රචනය අභිබවා පද්යිය ඉස්මතු වූ යුගයකි, කෝට්ටේ යුගය.  කවියෙන් බණක් අසන්නට උලකුඩය දේවිය කළ ඇරයුමෙන් කළ ග්ර න්ථයකි කාව්යකශේඛරය. මෙහිදී පවුල් සංස්ථාවේ ගැටළු පිළිබඳව භික‍ෂුන් වහන්සේ තුළ තිබූ අත්දැකීම් ඉවහල් කරගෙන සාර්ථක පද්ය  නිර්මාණයකට යොමුවී ඇත. සිංහල සාහිත්යසයට නව සාහිත්යාං ග ඇතුළු වූ යුගයකි, කෝට්ටේ යුගය.  ඒවා අතර ස්තෝත්රා කවි (පැරකුම්බා සිරිත) හා ශතක කාව්යත (කවි 100 - එළු ශිලෝ ශතකය) පෙන්වාදිය හැකිය.

දකුණු ඉන්දීය සාහිත්යලයේ දැඩි බලපෑම මෙයට හේතු විය.  පැරකුම්බා සිරිත වැනි කෘතියක් රචනයේදී තෝරා ගත් විරිතෙන් මේ අදහස සනාථ වේ. විශේෂයෙන්ම ද්ර විඩ, තෙලිඟු, කේරළ, කණ්ණඩි සාහිත්ය යේ බලපෑම මේ යුගයේ දැකිය හැකිය. පැරකුම්බා සිරිත රචනා කොට ඇත්තේ සව්පද කණ්ණඩි විරිතෙනි.
“වන් මෙදෙන් යුද    -  අන් රඳුන් රඹ
රන් කැලූම් වද        -  මත් ගජාණෙනි
පුන් සඳින් සඳ        -  කැන් ලෙසින් බට
පුන් යසින් රළ        -  රම් රජාණෙනි”
කෝට්ටේ යුගයේ රචිත පද්යප ග්රජන්ථ
  1. කුවේණි අස්න
  2. දහම් ගැට මාලාව
  3. එළු සිලෝ ශතකය
  4. පරෙවි සන්දේශය
  5. ලෝවැඩ සඟරාව
  6. ගිරා සංදේශය
  7. කෝකිල සංදේශය
  8. බුදුගුණ අලංකාරය
  9. කාව්යුශේඛරය
  10. සැළලිහිණි සංදේශය
  11. ගුත්තිල කාව්යේය
  12. හංස සංදේශය

(1)  කුවේණි අස්න
මෙය උතුරු මුල මහතෙර විසින් රචිතය. මේ හිමි සිරිරහල් මාහිමිගේ සීයාය.  රහල් හිමි තමන් හඳුන්වාගත්තේ “උතුරු මුල මහ තෙරිඳු මුණුබුරු” වශයෙනි. මෙහි විජය කුමාරයා ප්ර ධාන පිරිස කුවේණිය නිසා ඇතිවන දෝෂ දෙවියන්ගේ ආධාරයෙන් දුරු වූ අයුරු දක්වා සවැනි පැරකුම්බා රජුට වන් සියලූ අපල උපද්රදවයන් දුරු වන ලෙස එතුමන් රකිත්වා යන පරමාර්ථයෙන් ඉදිරිපත් කරන දේව යාඥාවකි.

(2)  දහම් ගැට මාලාව
මෙය වීදාගම මෛත්රීම මාහිමිගේ කෘතියකි.  පොදු ජනයාගේ ප්රරයෝජනයට වඩා වියතුන් පද අරුත් සෙවීමෙහි නිරත කරවීම, එමගින් ඇතිවන භාෂා ශාස්ත්රජ ප්රාබෝධය කතුවරයාගේ පරමාර්ථය වී ඇත.
“උදය ගමන් යන්නේ සතර           පයකිනි
මැදය ඉර මුදුන යන්නේ           දෙපයකිනි
විඳය සැපක් අවරට ගිය තුන්        පයිනි
හොඳය මෙපද තේරුවහොත් නුවණ      හිමි”
(3)  එළු සිලෝ ශතකය
මෙහි විශේෂ ලක්ලෂණය නම් ශ්ලෝක සියයකින් පොත නිම කිරීමයි. නොඑසේ නම් පද්යර 100 න් බන්ධනය කළ ශ්ලෝක ශතකයයි.  මෙහි කතෘ අඥාතය.  බෞද්ධ ස්තෝත්ර  හෙවත් බුදුගුණ ස්තෝත්රනයෙන් කීම ඇරඹෙන්නේ මෙයිනි.

(4)  පරවි සංදේශය
සිංහල සංදේශාවලියේ සුවිශේෂී සංදේශය කි පරවිය සිරි රහල් හිමි නව යෞවන වියේදී තම සොහොයුරිය වූ චන්ද්රුවතී කුමරියට සුදුසු සැමියකු සහ රාජත්වයට සුදුසු පුතකු ලබාදෙන අටියෙන් දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත යවන ලද සංදේශයකි, මෙය.  මෙහි ගමන් මග කෝට්ටේ සිට දෙවිනුවර දක්වාය. කවි 203 කින් සමන්විතය. මේ යුගය වනවිට රහල් හිමි සකු බසෙහි ප්ර්වීණත්වයක් ලබා කුමාරදාසයන්ගේ ජානකීහරණය හොඳින් අධ්යදයනය කොට එහි ආභාසය ලැබූ නිසා සාර්ථක නිර්මාණයක් කිරීමට හැකිවූ බව විචාරක මතයයි. තුරුණු වියේ කළ නිසා ඇතැම් විට මෙහි සංයමය ගිලිහී ගිය බවක්  දැකගත හැකිය. එය රහල් හිමිට චෝදනාවක් ලෙස ද පවතී. රස ජනනය කිරීම හා ශෘංගාර රස මැවීමෙහි කවියාගේ කෞශල්ය ය හෙළිවන තැනකි, පහත කවිය.
“රත්සර කැකුළකට තුඩු දී හසෙක්      මුල
සිත් සහ තොසින් සෙද විදහා පුබුදු      කළ
පත් නූ අනඟ රස අඟනකට කර    ලොල
මත් සලෙලකු ගියා වැනි අවල කෙළි    කෙළ”
චණ්ඩ වූ හංසයකු රතු නෙළුම් මලකට තුඩින් ඇන, විදහා වහා පිපීමට සැලැස්වීය. (රාගයෙන්) මත් වූ සල්ලාලයෙක් වැඩිවිය නොපත් කුමරියකට ආශාවෙන් රති ක්රී ඩා කොට ගියා වැනිය.
මේ සංදේශයෙන් රහල්  හිමිගේ ප්රකතිභාව, තෙරුවන් කෙරෙහි අචල භක්තිය මෙන්ම දේව භක්තියද පැහැදිලිව පෙනේ.

(5)  ලෝවැඩ සඟරාව
මෙය වීදාගම මෛත්රිාය මාහිමිගේ කෘතියකි.  උන් වහන්සේ ඝනානන්ද පරිවේනාධිපති හිමිය.  මහනෙත් පාමුල හෙවත් වනවාසී නිකායේ ප්ර ධානියාය. කවියෙන් බුදුගුණ කීමෙහි ප්ර.වීණයෙකි. උන් වහන්සේගේ රචනා අතර ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය යන හංස සංදේශය ප්රුධාන වේ. බෞද්ධ සාරධර්ම පෝෂණයෙහි ලා සහ සදාචාරවත් සමාජයක් ඇති කිරීමෙහි ලා උන් වහන්සේ තුළ වූ අභිලාෂය පැහැදිලි වන කෘතියකි. ලෝවැඩ සඟරාව, සද්ධර්මය නොදන්නා ජනයාට පවු, පින්, ඵල මේ යැයි නිශ්චිත ලෙස අවබෝධ කරලීම පිණිස ධර්මාමවාදයත් පිඬු කොට ගොතන ලද පද්යා 139 කින් යුත් කෘතියකි, මෙය.  ඒ බව උන් වහන්සේ මෙසේ දක්වයි.
“වෙසෙසින් පෙළ දම් නොමදත් දන      හට
පවසම් කළ කම් ඵල දැන් හෙළු        කොට”

“අදමින් ජීවත් වනවා    විතර        ට
දැහැමින් මිය යනු හොඳමයි දන හ    ට
මෙලෙසින් වද හළ මුනි බණ සිහිකො    ට
සැබැවින් පින්කොට පැමිණෙමු නිවන    ට”
(6)    ගිරා සංදේශය
මහනෙත් පාමුල මහතෙරුන් මෛත්රිවය මාහිමි රචනා කළා යැයි සැලකෙන හංස සංදේශයට කළ පිළිතුරු සංදේශයක් ලෙස ගිරා සංදේශය විචාරකයෝ හඳුන්වති.  හංසය වනවාසී කෑරගල පද්මාවතී  පිරිවෙන්පති වනරතන මාහිමි වෙත යවන අතර මෙම සංදේශය ගිරවෙකු දූත මෙහෙවරක යොදවා යවන්නේ උතුරු මුල පාර්ශ්වයේ තොටගමු වෙහෙර වැසි සිරිරහල් මාහිමියන් වෙතය.  සංදේශ කතුවරයා සිරිරහල් මාහිමිගේ ගුණ ගයා ඉල්ලා සිටින්නේ සවන පැරකුම්බාවන් සහ ලක්වැසි දනන් රෝ බියෙන්, යක් බියෙන් ආරක්ලෂා කර දෙන ලෙස නාථ දෙවිඳුන්ගෙන් යදින ලෙසය. මෙහි කතෘවරයා කවුරුන්දැයි සඳහන් නොවන අතර ඇතැම් සාහිත්යිධරයන්ගේ මතය වන්නේ මෙය සිරිරහල් මාහිමිගේ ශිෂ්යනයකු වූ වෑත්තෑවේ හිමිගේ රචනයක් ලෙසයි. මෙහි ගමන් මග ජයවර්ධනපුරයේ සිට තොටගමු වෙහෙර දක්වාය.
මෙම සංදේශයේදී සංදේශකරුවාගේ නිර්මාණ කෞශල්යයය පැහැදිලි වන ස්ථාන වශයෙන් වැලිතොට අම්බලමේ පැරකුම් රජ පිළිබඳ කෙරුණු වර්ණනයත් තොටගමු වෙහෙර සහ සිරිරහල් මාහිමි පිළිබඳ කළ වර්ණනයත්     තොටගමු වෙහෙර සහ සිරිරහල් මාහිමි පිළිබඳ කළ වර්ණනයත් වැදගත් වෙයි.
තෙදින් රිවි             බිම්බා
නිරිඳු සඳ පැර            කුම්බා
රුපු සිදු කල              ම්බා
කළේ විරු සිරි සඳ කල          ම්බා

ජයගෙන මුළු             දෙරණ
පෙන්වා තබා තෙද          අණ
ලක එක හිර            වරණ
කළේ අප හිමි විකුම්           අපමණ
ගිරා සංදේශ කවියාගේ ස්වභාව සෞන්දර්ය වර්ණනාවෙහි  අපූර්වත්වය හෙළිවන කවියකි, තොටගමු වෙහෙර පිළිබඳව කර ඇති වර්ණනා ය.
තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන්       රැගෙන
සිතු අටියෙන් ඉඹ ඇඟ පිරිමැද           සෙමින
මල ගෙටියෙන් පැන් හෙවමින්         අතිනතින
සිටි සැටියෙන් හෙරණුන්ගෙන් වෙයි      සොබන
(7)    කෝකිල සංදේශය
සිංහල සංදේශාවලියේ දීර්ඝතම සංදේශය කෝකිල සංදේශයයි. දෙවිනුවර වෙහෙර වැසි ඉරුගල්තිලක හිමි මෙම  සංදේශයෙහි කතුවරයාය. කෝකිලයෙකු දූත මෙහෙවරෙහි යොදවාගෙන යාපන අර්ධද්වීපයේ ද්ර විඩ රාජ්ය  පාලකයාව සිටි ආර්ය චක්රුවර්තී පළවා හැරි සපුමල් කුමරුට දෙවිනුවර උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලබාදීම සංදේශකරුගේ පරමාර්ථය විය. මෙහි කවි ප්රළමාණය 291 කි.  කෝකිලයාට යාපනයට යාමට දින 13 ක් ගතවී ඇති අතර මාර්ග වර්ණනයේදී මෙන්ම පරිසර වර්ණනයේදී කවියා කළ වැනුම් මගින් කෝට්ටේ යුගයේ ශ්රී් ලංකාව පිළිබඳ ඓතිහාසික සාධක රැසකට සාක‍ෂි ලැබේ.

(8)    බුදුගුණ අලංකාරය
කවියෙන් බණ කීවේ කෝට්ටේ යුගයේ ඇරඹි සම්ප්රුදාය තවදුරටත් ඔපවත් කරමින් මහනෙත් පාමුල වීදාගම මෛත්රීරය මා හිමි විසින් රචිත අග්රමගණ්ය  කවි පොතෙකි, බුදුගුණ අලංකාරය. මේ යුගයේ අනෙක් කවීන් මෙන් බෝසත් පෙර සිරිතක් වස්තු විෂය කර නොගත් මෛත්රිරය මාහිමි බුදු සිරිතක් වන විශාලා මහනුවර තුන් බිය දුරු කිරීමේ රතන සූත්රයය දේශනා කිරීම වස්තු විෂය කරගත්හ.  මෛත්‍රී මාහිමියන්ගේ සහජ කවිත්වය, පාණ්ඩිත්ය ය සෙසු  සමයන් විචාරයට ලක් කිරීම බමුණු විරෝධය දේව බලය හෑල්ලූවට ලක් කිරීම සහ බුදු ගුණය අපරිමිත බවක් දැක්වීම මෙම කෘතියෙන් මනාව පිළිබිඹු වේ.
කය නම් අසාරය   -    භව නම් භයංකාරය
කියනුව දිවා රැය  -    කියම් බුදුගුණ  අලංකාරය
මෙසේ සසර අනිත්ය  ස්වභාවය කවියට නගමින් විශාලා මහනුවර ඇතිවූ තුන් බිය ශ්රාවවකයන් තුළ චිත්ත රූප මැවෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කවියා දක්වා ඇති නිර්මාණ කෞශල්ය ය අගනේය.
ගොඩ ගොඩ ඇට         සැකිලි
තැන තැන තිබූ බලි           බිලි
මහ මග රෙදි             වැරලි
එමඟ හැමතැන බලන්         පිළිකෙලි

දොර දොර මිනි ඛෙර    -  ගෙයි ගෙයි හඬය බියකර
පිල පිල අදින මල    -  දුගී ගිලනුන් පිරි හැමවර

පෙර සුරංගනාවියක් ලෙස සිටි කතුන් අද මේ රෝ බිය නිසා යකින්නියක් වී ඇති බව කවියා කියන්නේ,
පෙර සුරඟනන් වැනි -    අඟනෝ සුදුසු රුසිරෙනි
මස් ලේ නැති බැවිනි - හුදක් ගෙයි ගෙයි යකින්නන් වැනි
මෙසේ විශාලා මහනුවර ඇතිවූ බියකරු ශෝචනීය තත්ත්වය විවරණය කරන කවියා මෙම රෝ බිය නැති කිරීමට ඇමතිවරුන් යෝජනා කරන බමුණන් ගැන තවත් ඇමතිවරුන්ගේ මුවඟට නංවන මේ කවියෙන් උන් වහන්සේ තුළ පැවති බමුණු විරෝධය මනාව පිළිබිඹු වේ.
බොරු වේ මතුරු මත - වළකන ලෙවන් හැම    සඳ
බමුණන් ගෙන් දුලද - වැඩෙක් වූයේ ලොවට කිකලද
ගැනුමට අන් ඉසුරු - උපමා යොදා විසිතුරු
කෙරෙති යාග ගුරු - කෙසේ දුරු වෙද ලොවට උවදුරු

ගිනි දෙවියා පිදීම එකළ යාගහෝම අතර ප්රුධාන තැනක් ගත්තේය.
ගිනි දෙවියා කැමති -  ගෙයි ගෙයි තබා කර ඇති
නොනිමා රකින නිති - මෙලොව ගෑනුදු දැනුදු ලෙඩ වෙති

මුළුතැන්ගෙයි ගිනි නොනිමා ආරක්ෙෂා කරන්නාවූ කාන්තාවටද ගිනි දෙවියා වින කරන්නේය. ගිනි දෙවියන් පිදුම පිළිබඳ කවියාගේ උත්සාහය හාස්යන රසය ඉස්මතු කිරීමකි.  බමුණන් පමණක් නොව දෙවියන්ගේ උපහාසයට ලක්විය.  කවියාගේ මතය වනුයේ තිරිසන් සතෙකුට කළ හැකි පමණ දෙයක්වත් දෙවියන්ට කළ නොහැකි බවය.
ඳුරකු පීනු මුහුද -    එතෙරව හා නොහී ඉඳ
ගියල රම් හේ බැඳ -    මෙසේ වෙද මෙලොව දෙව් නද
වඳුරාට මුහුදින් එතෙර විය හැකිය. එහෙත් වඳුරා කළ දෙය තම දෙවියාට කළ නොහැකි විය.මහ මුහුදෙන් එතෙර වන්නට ඒදණ්ඩක් බැන්දෙමු. මෙලොව දෙවියන්ගේ බලය මෙසේ දැයි කවියා ශ්රාදවකයාගේ මුවඟට සිනාවක් නංවන්නේ දෙවියන් පිළිබඳ උපහාසය අප තුළද දනවමිනි.  අනතුරුව කවියා බුදුගුණ වැනුමක යෙදී විශාලා මහනුවර තුන් බිය දුරු කරවීමට බුදුරදුන්ට ඇරයුම් කරයි.මේ නිර්මාණය තුළින් කවියාගේ අපරිමිත බුදු බැතිය ප්රිකට වේ.
භවදුක් ගිනි නිවන    - සත් මග පෙළෙන් පිනවන
නැත සරි වන දෙරණ    - කෙනෙක් මුනිදුට තිලෝගුරුවන
රහසත් පවු නොකොට - කෙලෙසරයනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට    - අරහ යන නම කියති මුනිඳුට
අවසන බුදුරදුන් මහ සඟන පිරිවරා විශාලා මහනුවරට වැඩම කොට රතන සූත්රදය දේශනා කොට පිරිත් පැන් ඉස නුවර සුව කර වූ පුවත පවසමින් බුදුගුණ අලංකාරය නිම කරයි.

(9)    කාව්යසශේඛරය

ජාතක පොතේ “සත්තුභත්ත ජාතකය” ඇසුරින් සිරි රහල් හිමි චන්ද්රශවතී බිසවගේ කවියෙන් බණක් ඇසීමේ ආශාව ඉටු කර ගනු වස් රචනා කරන ලද්දකි, කාව්ය ශේකරය. මෙය සිංහල සාහිත්යී වංශයේ දෙවන මෙන්ම අවසාන මහා කාව්යචයයි. මෙම ජාතක කතාව බෝධි සත්ත්වයන්ගේ “ප්රහඥා පාරමිතාව” නිරූපණය කිරීමට ජාතක කතා කරුවා යොදා ගත්තකි.එමෙන්ම බ්රා්හ්මණ ඉගැන්වීම්වලට යටත්ව ස්ත්රීවය පහත් කොට සැලකීම හෙවත්, “ස්ත්රිාය” නම් රැකිය නොහැක්කේය.  වරදෙහි බැඳෙන්නේය. යන බ්රාකහ්මණ සංකල්පය ජාතක කතා කරුවාටද බලපා ඇත.
ජාතක කතාකරුවා “ස්ත්රීරහු නම් පුරුෂයන් වංචා කරන හෙයින්, මායාරූපයක් වැනියහ. ඇදහිලි නොකොට හැකි හෙයින් මිරිඟු ජාලයක් වැනියහ. කාමී පුරුෂයන් බඳනා පිරිස මරහු විසින් එවන ලද මළ පතක් වැනියහ”
බෝසතුන් ප්රිඥා මහිමයෙන් කාන්තාව පිළිබඳ බමුණු දෘෂ්ටියක් එක්තැන් වූ කතාවක් ඇසුරින් කාව්යනශේඛරය රචනා කොට ඇත.  කාව්යමශේඛරයෙහි රහල් හිමියෝ මහා කාව්යව සම්ප්රතදාය අභිබවා යමින් කතුවරයාගේ පාණ්ඩිත්යොය පිළිබඳවද ආත්ම වර්ණනයක යෙදෙයි.
තෙවළා දැන යෙහෙන -දස අත යෙහෙන් හොබවන
විජයබා පිරුවන  - කියන මේ බණ අසව් සතොසින
සව්සත කෙළ පැමිණි - ගුණවත් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි - සියල්ලෝ වියතුන්ට සිළුමිණි
කාව්යිශේඛරය ආරම්භයේ වර්තමාන කතාව කෙටියෙන් දක්වා සේනක බෝසතුන්ගේ ප්රමඥා මහිමය ඉහළින් වර්ණනා කිරීමට කතුවරයා සර්ග කීපයක්ම යොදා ගනී. සේනක පඬිවරයාගේ ප්රසඥා මහිමය වර්ණනා කිරීමෙන් අනතුරුව තමාට වඩා වයසින් වැඩිමහලූ බමුණෙකු හා දීග ගිය තරුණ බැමිණියකගේ චිත්ත ස්වභාවයන් විවරණය කිරීමේදී කතුවරයා දැක්වූ ප්රලතිභාව විශිෂ්ටය.
කෙඳිරි පර ගානි     -    ඇති සිත ඉඟි නොපානී
පෑ ආනි බානී     -    කියයි මෙලෙසට බමුණු ගෑනි
සිතුවිලි සිතාගෙන     -      නුවණින් කඳුළු බාගෙන
දුකෙකැයි කියාගෙන    -    වැතිර ගත්තී කුදු ගසාගෙන
කාව්යැශේකරය කතුවරයා මෙම මහා කාව්යකයේදී පාඨකයන් තුළ මහළු බමුණා පිළිබඳව හාස්යමය දැනවීමටත්, අනුකම්පාව දැනවීමටත් උත්සාහ ගෙන ඇත්තේ පරාභව සූත්රළයෙහි සඳහන් එක් ධර්ම කරුණක් පාඨක සිතට නංවමිනි.
අතීත යොබ්බනො පෝසෝ     -    ආනේති තිම්බ රුත‍ථනිං
තස්සා ඉස්සා න සුපති     - තං පරාභතෝ මුඛං
මහළු බමුණා තම තරුණ බැමිණිය තනිකොට දැසි දසුන්  සොයන්නට යන අවස්ථාව නිරූපණය කරමින් ස්ත්රී න් කෙරෙහි ලොල් වීමේ විපාක කියමින් අප තුළ හාස්යූයක් අනුකම්පාවක් දනවයි.
බැඳ ගේ වටා වැට     -    යලි බත බුලත සරි කොට
තබා තම අඹුවට     -    යන්ට සැරසීලා බමුණු සිට
පැදකුණු කොට එළඳ -    සිව්තැනක බැස හෙව වැද
බියෙනැකිළී වැළඳ    -    නිකට ගෙන සිඹ කියා පෙම් බැඳ
මෙසේ කාන්තාව ළඟ දණ ගසන මහළු බමුණා ගෙයින් පිටත්ව ගිය පසු තරුණ බැමිණිය චරපුරුෂ සේවනයෙහි යෙදීම ජාතක කතාකරුවා මෙන්ම රහල් හිමියන්ද සිතන්නේ, මෙය සෑම කාන්තාවකටම ආවේණික දෙයක් ලෙසය. කවියා එය මෙසේ කියයි.
කම් සැප විඳීමෙන් - ආභරණ පැළඳීමෙන්
දරුවන් වැදීමෙන් -  වෙසෙති අඟනෝ නොතිත් වීමෙන්
එමෙන්ම කවියා කියන්නේ අවසර ලද තැන වරදෙහි නොබැඳෙන ගැහැණුන් කවුද කියාය.

(10)    සැළලිහිණි සංදේශය
රහල් හිමියන් තම සාහිත්යයය ජීවිතයේ පරිණත අවධියේ කරන ලද්දකි, සැළලිහිණි සංදේශය. උලකුඩය දේවියට දරුවකු ලබා ගැනීම සඳහා සැළලිහිණියකු දූත මෙහෙවරෙහි යොදවා කැලණිය විභීෂණ දෙවියන්ගෙන් කළ ආයාචනයක් ලෙසින් මෙය රචනා වී ඇත.
ස්වභාව සෞන්දර්යය වර්ණනයේදී කවියා දැක්වූ සුවිශේෂී ප්ර තිභාව නිසා මෙය සිංහල සංදේශාවලියේ මුදුන් මල්කඩ ලෙස සළකනු ලැබේ.

(11)    ගුත්තිල කාව්ය්ය
මෙම කාව්යුය කෝට්ටේ යුගයේ කවියෙන් බණ කීමේකලාව තවදුරටත් ප්රාගුණ කරමින් රචිත කෘතියකි.  මෙය කාව්යය ප්රණභේදයෙහි ඛණ්ඩ කාව්යන ගණයට අයත්ය.  මෙයට පාදක වී ඇත්තේ ජාතක කතා පොතේ එන ගුත්තිල ජාතකයයි. සිරි රහල් හිමියන්ගේ ශිෂ්ය යෙකු වූ “වෑත්තෑවේ හිමියන්” මෙහි කතෘ බව පැවසේ.  ජනශ්රැපතියේ එන අන්දමට ප්රේතිභා ශක්තියෙන් තම ගුරුවරයා වූ රහල් හිමියන් අභිබවා යාමට තරම් ජනප්රිකයත්වයට පත්වූ වෑත්තෑවේ හිමියන් පිළිබඳව රහල් හිමි තුළ සතුටක් නොවීය.  එබැවින් රහල් හිමියන් තම ශිෂ්යට හිමිනමට කළ වෙනස්කම් ඉවසමින් ගුරුන්ට ද්රෝකහිවීමේ විපාක තමන් දන්නා බව ඇඟවීම් වස් මේ ගුත්තිල කාව්ය  කළ බව පැවසේ. එසේම ගුරුවරයාගෙන් වෙන්වීමට තිබූ කැමැත්ත නිසා වායු ගණයෙන් (සියපින් සිරින් සරු..) ගුත්තිලය ඇරඹූ බවත් ඉන්පසු වෑත්තෑවේ හිමියන් උපැවිදිව (සිවුරු හැර) වෑත්තෑවේ අප්පුහාමි නමින් අප්ර්කට ජීවිතයක් ගත කළ බවත් ජනප්රනවාදයේ සඳහන් වේ.
කෙසේ වෙතත් හලාවත ජයපාල නම් මන්ත්රී වරයෙකුගේ ඇරයුමෙන් ගුත්තිල කාව්යඉය කළ බව පැවසේ. රාහුල හිමියන් සහ සසඳන කල පාණ්ඩිත්වයෙන් මත් නොවූ නිහතමානී ගුණයන්ගෙන් හෙබි ගුරු ගෞරවයෙන් යුත් කරුණාභරිත හදවතක් ඇති කෙනෙක් මෙහි කතෘ වූ බව නම් සැබෑය.
පරසතු මලින්             පුද
ලද මුනි සඳුට            නද
වන පස මලින්            පුද
කලැයි පවසනු කවර වර    දද

ඉඳ ඉඳ එක           වෙහෙර
විඳ විඳ දහම්            මනහර
සිඳ බිඳ දුක්             සසර
අහෝ දෙව්දත් නොදිටි     මොක්පුර

පෙර මහ කිවි             වරුණ
පැවසූ තිලෝගුරු          බණ
මම මගෙ නැණ             පමණ
කිමැයි වරදක් වේද          නිකරුණ

චරිත නිර්මාණයේදී සහ භාෂාව හැසිරවීමේදී කවියා තුළ තිබූ ප්රකතිභාව කෝට්ටේ යුගයේ විසූ ප්රතකට අන් කවීන් හට දෙවැනි නොවීය. මූසිලගෙ චරිතය විවරණයේදී තම ගුරුවරයාට ද්රෝ හි වුවත් මූසිල පිළිබඳ පාඨකයාගේ සිත තුළ අනුකම්පාවක් දැනවීමට කවියා උත්සාහ දරයි.

අඳ මවුපියො             දෙදෙන
ඔහු වසන බව             නොමදැන
කතී වෙන                 මීයෙන
සුසූ යැයි අත ගැසූ         සැකයෙන

මූසිල මෙපුර            තට
නුවරෙක් නොවෙයි විසු    මට
ඉන් තෝ මෙහි     නො        සිට
යවව් නොපුරය යම පුර        යට

තමන්ගේ ශිල්පීය දක් ෂතාවය මත ජීවත් වීමට වැටුපක් ඉල්ලු මූසිලට සක් දෙවිඳුන්ගේ බලපෑම නිසා අන්ත පරාජයකට පත්වීමට සිදුවේ. ගුත්තිලය තුළින් සදාචාරය උදෙසා දෙස පණිවිඩ රැසකි.
දියෙහි යන     දණ්         ඩට
පිහිටක් වුවත් පෙර         සිට
දුදනන් හට            පිහිට
නොවව් යන බව සැබෑ කලෙ      මට
කොපමණ ගුණ               කළත්
දුදනෝ නොවෙති        ගුණවත්
කිරි දියෙහි             දෙවියත්
අඟුරු සුදුවනු කළෙක්        කම්නැත්

(12)    හංස සංදේශය
කෝට්ටේ යුගයේ වනවාසී නිකායෙන් (උතුරු මුල) රචනා වූවා යැයි සැළකෙන එකම සංදේශය හංසයයි. මෙය වීදාගම මෛත්රීත හිමියන්ගේ රචනයකැයි විශ්වාස කෙරේ.  සංදේශයේ කිසිම තැනෙක ඒ හිමිගේ නම සඳහන් නොවුවද උන්වහන්සේ කළ ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය යන කෘතීන්හි භාෂා විලාශයන් අනුව මෙය මෛත්රී් හිමියන්ගේ යැයි සැක කෙරෙති. මෙම සංදේශය ජ’පුර සිට කෑරගල පද්මාවතී පිරිවෙන් වැසි වනරතන මාහිමියන් වෙත යවන්නේ උන්වහන්සේ මගින් උපුල් වන්, සමන්, කඳකුමරු හා විභීෂණ යන දෙවිවරුන් ලවා පැරකුම් රජුත්, රජ පවුලත්, රට වැසියනුත් ආරක්පෂා කර දෙන ලෙස ඉල්ලමිනි. පරිසර වර්ණනය නිසාම හංසයාට ජ’පුර සිට කෑරගලට යාමට දින දෙක් ගතවී ඇත.  පරිසර වර්නණයෙහිලා ශෘංගාර රසය දැනවීමෙහි කතුවරයා තුළ තිබූ අභිරුචිය නිසා මෙය වනවාසී මෛත්රී  හිමියන්ගේ කෘතියක් විය හැකිදැයි සමහරු ප්ර ශ්න නගති.

කෝට්ටේ යුගයේ රචිත ගද්ය  ග්රගන්ථ 

(1)     පංචිකා ප්රගදීපය
පොළොන්නරු යුගයේදී රචිත යැයි සැළකෙන මොග්ගල්ලාන වියරණය සහ එයට සැපයූ පංචිකා නම් ටීකාව පදනම් කොටගෙන කෝට්ටේ යුගයේදී සිරිරහල් මාහිමියන් විසින් හෙළ වියරණය උදෙසා සකස් කළ ග්රපන්ථයයි, පංචිකා ප්රමදීපය. ෂඩ් භාෂා පරමේෂ්වර රහල් හිමිගේ පාණ්ඩිත්යකය භාෂා ශාස්ත්රක විශාරදබව හෙළිවන අගනා කෘතියකි, මෙය. මෙම කෘතිය සම්පාදනය සඳහා රහල් හිමියන් ඇසුරු කළ පොත් මොනවාද යන්න එහිම දක්වා ඇත. එහෙත් එම පොත් කිසිවක් අද අප සතුව නැත. එවැනි ශාස්ත්රී ය වටිනාකමකින් යුත් පොත් රැසක් අපට වූ බවට ඇති එකම සාධකය මෙයයි.

(2)    සද්ධර්මරත්නාකරය
ධර්මකීර්ති සඟ පරපුරට අයත් ධම්මදින්න නම් හිමිනමක් විසින් කෝට්ටේ යුගයේදී රචනා කරන ලද ඉතා දීර්ඝ වූ ගද්ය්මය ධර්ම ග්රනන්ථයකි මෙය. පොදුජන බසින් බණ කීමේ ධර්මසේන හිමියන්ගේ මග යමින් මෙය රචනා කොට ඇති බව ග්ර‍න්ථයේ දැක්වෙන ධම්මදින්න හිමියන්ගේ මෙම ප්රිකාශයෙන් පෙනේ.
“ශ්රගද්ධා ඇතිව බණ අසනු කැමති නිර්ධන සුජනනයන් විසින් අකුරු මෙතෙක් දන්නා කෙනෙකුන් ගෙන්වා ගෙන ලෞකික, ලෝකෝත්තර සම්පත් සදා ගන්නා පිණිස හෙළු බසින් මේ ධර්මප්ර්කරණය ප්රවකාශ කරන්නෙමු.”

කෝට්ටේ යුගයේ සාහිත්යයයෙහි දක්නට ලැබෙන විශේෂතා

•    ගද්යුයට වඩා පද්යයය ව්යා්ප්ත වීම
මෙම යුගයේදී පද්යය ග්රයන්ථ බහුලව දක්නට ලැබෙන අතර සිවුපද හා ගී, සිලෝ රචනා ආදිය දක්නට ලැබේ. සිලෝ සිවුපද සාහිත්යුය ගම්පොළ යුගයේදී ආරම්භ වුවද කෝට්ටේ යුගයේද එය නොකඩවා ව්‍යාප්ත වීම.
සිරිලක් දිව කවිනි
ලකුණු දක්වනුයේ ගණ
වණ තැනැත්තේ මේ අද
ලකුණෙන් දෙසක් දක්වමි.                       (කව් ලකුණු මිණිමල)

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්     වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා        පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන        අටින්
කරව පියාසර සකි කොන්ත ගං        තොටින්        (සැළලිහිණි සන්දේශය)

•    විරිත් අනුව පද්ය  රචනා කිරීම
සමුද්රරඝෝෂ, මහ පියුම් ගී, කුසුම විචිත්රාේ, මාලිනි, වසන්තතිලකා, ශාර්දුල වික්රීරඩිත යන විරිත් කෙරෙහි විශේෂ අවධානයක් යොමුවීම.
දෙකකින් සතර තිසවන විසි මහ    පැනැති
අනු අට තුනු නවසිය අක්        දළැති
අසුසත ගණන් එක්කොට සැටිත්    නිති
එපුරලියෝ විසි එකකින් දස         කෙරෙති        (කෝකිල සංදේශය - 132)

දෙමළ විරිත් අනුවද පද්යස රචනා කිරීම
ද්රළවිඩ එළු සීර් නම් විරිත අනුව පැරකුම්බා සිරිත් කතුවරයා ලියා ඇති පහත පද්යටය එයට නිදසුනකි.
වන මෙනේ යුතු, අන්රන්දුන්රඹ රන් කැලූම් මද මත් ගජාණනි
පුන් සඳින් සඳ කැන් ලෙසින් බට පුන් යසින් රගු රම් රජාණනි

ඉටු අනිටු ගණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම

එම නියම කඩ කිරීමේ ඵල විපාක පිළිබඳ කව් ලකුණු මිණිමල්දමේ “කෙරේ සඟණෝ නිල් දෙසැරුම්” යි දැක්වේ.  වෑත්තෑවේ හිමියන් ගුත්තිලය ලිවීමේදී වායු ගණයෙන් ලියූ නිසා රටින් පිටුවහල් වීමට සිදුවූ බව පවසයි.

පද්ය යක් නිර්මාණය කිරීමේදී තද්භව වචනත් නිෂ්පන්න වචනත් යොදා ගැනීමට     කවියෝ උත්සුක වීම

එහෙත් පැරකුම්බා සිරිත් කතුවරයාත් හංස සංදේශ කතුවරයාත් මින් ඈත්වීම, බුදුගුණාලංකාර කතුවරයා “භව නම් භයංකාරය” යනුවෙන් නොලියා “බව නම් බයංකාරය” යනුවෙන් ලිවීම.

යුගලාර්ථවත් වචන භාවිත කිරීමට කවීන් දක්ංෂතාවයක් දැක්වීම.

දහම් ගැටය ලියූ කවියා නූගතුනට සිනා ඇතිවන ආකාරයෙනුත්, උගතුන්ට හිස සලසලා අර්ථ සොයන්නට සිදුවන ආකාරයෙනුත් රචනා කිරීම.
රා කළයෙන් ගෙන
ඉස්සන් ඇතිලියේ ලා
ඇම රා පිස දී නොඉඳ
වල් ගොස් සාවුන් ගන්නේ             (දහම් ගැටය)

•    කවි බණ කීම
ගුත්තිලය, ලෝ වැඩ සඟරාව, බුදුගුණාලංකාරය යන පොත් සරල බසින් රචනා කොට තිබීම.

වචන පිළිබඳ හැකියාව වර්ධනය
නාමාවලිය, රුවන් මල් නිගණ්ඩුව වැනි ග්රුන්ථ

සංස්කෘත මිශ්ර  භාෂාව බහුලව යොදා ගැනීම
සද්ධර්ම රත්නාලංකාරය, පංචිකා ප්රීදීපය, චූල බෝධි වංශය, එළු අත්තනගලූ වංසය, ආදී ග්රයන්ථ ආශ්රරයෙන්  නිදසුන් පැවතීම.
උපුටා ගන්නා ලද්දේ ඉදුනිල්.com

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan