‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ අද උතුමි නිකිණි පොහොය දවසයි ~ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන Best Blogger Tips

අද උතුමි නිකිණි පොහොය දවසයි

උතුමි වු නිකිණි පොහොය අදයි. ශාසන ඉතිහාසය අනුව ගෞතම බුදුසසුනේ පළමුවැනි ධර්ම සංඝායනාව ආරම්භ කළේ අද වැනි දිනකය. අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය මත මගධ දේශයේ අගනුවර සප්තපර්නී ගුහා ද්වාරයේ ඉදිකරන ලද මණ්‌ඩපයක මෙම සංඝායනාව ආරම්භ කරන ලදී.


ඇසළ පුර පසලොස්වක පෝය දින පෙරවස් එළඹීමට නොහැකි වු භික්ෂුන් වහන්සේට පසුවස් එළඹීමට අනුදැන වදාළේ අද වැනි පෝය දිනය.

බුදුන්වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසන කාලයේ රාහුල තෙරුන් වහන්සේට රාහුලෝවාද සුත්‍රය දේශනා කරන ලද්දේ ද අද වැනි නිකිණි පොහෝ දිනකය.

සේරුවිල චෛත්‍යරාජයාණන්ට මුල්ගල තබන ලද්දේත් සේරුවිල නිකිණි පෙරහැර ආරම්භ කරන ලද්දේත් අද වැනි පොහෝ දිනකය.
















 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan